වලපනේ මාරක අනතුරකින් 60කට තුවාල

වලපනේ මාරක අනතුරකින් 60කට තුවාල

by Staff writer 24-03-2019 | 10:31 PM
COLOMBO (News 1st) : වලපනේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පුද්ගලයින් 60 කට අධික පිරිසක් තුවාල ලැබීය. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. තුවාලකරුවන් ඇතුළත් කෙරුණේ වලපනේ රෝහලටයි. අනතුරට ලක්ව ඇත්තේ වලපනේ සිට රාගල බලා ධාවනය කරමින් තිබූ බස් රථයකි. මහඌව මහවංගුව අසළදී බස් රථය ප්‍රපාතයට පෙරළී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.