දිස්ත්‍රික්ක 10 කට අනතුරු ඇඟවීමේ නිවේදනයක්...!

දිස්ත්‍රික්ක 10 කට අනතුරු ඇඟවීමේ නිවේදනයක්...!

by Hashini De Mel 24-03-2019 | 7:08 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 10 කට අද උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුත්තලම, කුරුණෑගල, මන්නාරම, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, හම්බන්තොට, මොණරාගල සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අද උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බවයි. මේ පිළිබඳව මෙම දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවධානයක් යොමු කරන ලෙස ද දෙපාර්මේන්තුව ඉල්ලීමක් කර සිටි. විශේෂයෙන් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී වැඩිපුර ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.