තලංගම ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලයක්

තලංගම ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලයක්

by Staff writer 24-03-2019 | 7:49 AM

COLOMBO (News 1st) - තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එහි සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා පළාගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 7.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු අහසට වෙඩි තබා ඇති බවයි. කොල්ලකන ලද මුදල් ප්‍රමාණය මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.