ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 24-03-2019 | 6:30 AM

දේශීය පුවත්

1. පෙර දැනුවත් කිරීමකින් තොරව විදුලිය කප්පාදු කළ හැකි ද?: පෙර දැනුවත් කිරීමකින් තොරව විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ඊයේ දවස පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් විය. 2. මාධ්‍ය ගැන කතා කරන කොට මහින්දගේ ආණ්ඩුවයි, රනිල්ගේ ආණ්ඩුවයි අතර වෙනසක් නැහැ – ඊ. සරවනභවන්: මාධ්‍ය පිළිබඳව කතා කිරීමේදී මහින්දගේ ආණ්ඩුවත් රනිල්ගේ ආණ්ඩුවත් අතර වෙනසක් නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන් මහතා පවසයි. 3. ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතයාට භාර දෙයි: ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවලිය යුනෙස්කෝ ජාතික කමිටුව වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගන්වා තිබේ. 4. මාධ්‍ය ආයතන ශ්‍රේණිගත කිරීමේ මාෆියාවක් – ලසන්ත අලගියවන්න: මාධ්‍ය ආයතන ශ්‍රේණිගත කිරීමේ මාෆියාවක් ඇති බවත් ඊට එකඟ විය නොහැකි බැවින් රජය මේ සඳහා මැදිහත්විය යුතු බව මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි. 5. ඔස්ට්‍රේලියානු යුද නෞකා 4ක් දිවයිනට: ඔස්ට්‍රේලියානු යුද නෞකා 4ක් ඊයේ දිවයිනට ළඟා විය. මේ යටතේ නෞකා දෙකක් කොළඹ වරායට සෙන්දු වූ අතර තව ත් නෞකා දෙකක් පැමිණියේ ත්‍රිකුණාමලය වරායට ය. 6. 15 වන රයිගම් සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් හා සිරස TV සම්මාන රැසකින් පිදුම් ලබයි: 15 වන රයිගම් ටෙලි සම්මාන උළෙල නෙළුම් පොකුණ මහින්ද රාජක්ෂ රඟහලේදී පැවැත් විය. එහිදී නිව්ස්ෆස්ට් හා සිරස TV සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය.

විදෙස් පුවත්

7. උතුරු කොරියාවට පැනවූ නව සම්බාධක අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්: උතුරු කොරියාවට අලුතින් පැනවූ සම්බාධක කිහිපයක් අත්හිටුවීමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.