සා/පෙළ ප්‍රතිඵල ලබන සතියේ

සා/පෙළ ප්‍රතිඵල ලබන සතියේ

by Staff writer 23-03-2019 | 3:46 PM
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මේ වන විට ප්‍රතිඵල ලේඛන සකස් කිරීම අවසන් අදියරේ පවතින බව ය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 656,641කි. පසුගිය දෙසැම්බර් මස 03 වන දා විභාග මධ්‍යස්ථාන 4661කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විණි.