by Staff writer 23-03-2019 | 9:06 PM
COLOMBO (News 1st) - මාධ්‍ය පිළිබඳව කතා කිරීමේදී මහින්දගේ ආණ්ඩුවත් රනිල්ගේ ආණ්ඩුවත් අතර වෙනසක් නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන් මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී සරවනභවන් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ය.
මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ, පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන් ඝාතනය කළ සහ මාධ්‍ය ආයතනවලට පහර දුන් කිසිදු පුද්ගලයෙකු නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව ය.
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වීම ඝාතනවලට අනුබල දීමක් බව ද සරවනභවන් මහතා සඳහන් කළේ ය.
මර්දනයට ලක් වූ මාධ්‍ය ආයතනවලට සාධාරණය ඉෂ්ඨ කිරීමට නොහැකි පාලකයින්, මාධ්‍ය තුළින් තමන් පීඩාවට ලක් වන බව පවසමින් එම මාධ්‍ය කළු මාධ්‍ය ලෙස හංවඩු ගැසීමට තිබෙන සාධාරණත්වය කුමක් ද යන්න මෙහිදී සරවනභවන් මහතා ප්‍රශ්න කළේ ය.