බිරිඳගේ පහරින් පන්නිපිටියේ සැමියෙකු මරුට

බිරිඳගේ පහරින් පන්නිපිටියේ සැමියෙකු මරුට

by Hashini De Mel 23-03-2019 | 11:19 AM

COLOMBO (News 1st) - කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේදී බිරිඳ විසින් සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ එළෙස ඝාතනයට ලක් ව ඇති බවයි. ඝාතනයට සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.