දැනුවත් කිරීමකින් තොරව විදුලිය කප්පාදු කළ හැකි ද?

පෙර දැනුවත් කිරීමකින් තොරව විදුලිය කප්පාදු කළ හැකි ද?

by Staff writer 23-03-2019 | 10:40 PM
COLOMBO (News 1st) - පෙර දැනුවත් කිරීමකින් තොරව විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් අදත් දවස පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් විය. අදත් මොරටුව, ගලෙන්බිඳුණුවැව, පිළිමතලාව, කඩුගන්නාව, පේරාදෙණිය, ගම්පොළ මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වරින් වර විදුලිය බිඳ වැටීම් වාර්තා විය. පෙර දැනුවත් කිරීමකින් තොරව සිදු කරන මෙම විදුලි කප්පාදු හේතුවෙන් සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරිකයින් පමණක් නොව ඇතැම් රෝහල් කටයුතුවලට ද බාධා එල්ල විණි. මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අංශ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, හදිසි අවස්ථාවකදී හැර මෙලෙස පෙර දැනුම් දීමකින් තොරව විදුලිය කප්පාදු කළ නොහැකි බව ය. එසේ නොවනවා නම් එය ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ බලපත්‍රයේ කොන්දේසි 30 උල්ලඝනය කිරීමක් බව ජයනාත් හේරත් මහතා පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත් හදිසි විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයෙන් වාර්තාවක් කැඳවා ඇති බව ද ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ය.