දැඩි සුළඟකින් අයගම නිවාස 18 කට හානි

දැඩි සුළඟකින් අයගම නිවාස 18 කට හානි

by Hashini De Mel 23-03-2019 | 9:22 AM

COLOMBO (News 1st) - අයගම, උඩුගල උතුර ප්‍රදේශයේ වර්ෂාවත් සමග ඇති වූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 18 කට හානි සිදු ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ ඇති වූ එම සුළඟින් අවතැන්වූවන් හා තුවාලකරුවන් වාර්තාවී නොමැති බවයි. ඉන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත. මේ අතර පළාත් 5 කට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළා ය.