තිස්සමහාරාමයේදී ද්විත්ව ඝාතනයක්

තිස්සමහාරාමයේදී සැමියෙකු බිරිඳ සහ නැන්දම්මා ඝාතනය කරයි

by Staff writer 23-03-2019 | 4:12 PM
COLOMBO (News 1st) - තිස්සමහාරාම සඳුන්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, සැමියෙකු විසින් සිය බිරිඳව සහ බිරිඳගේ මව එලෙස ඝාතනය කර ඇති බව ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 25 හැවිරිදි ග්‍රාම නිලධාරිනියක සහ 54 හැවිරිදි කාන්තාවකි. පවුල් ආරවුලක් ඝාතනයට හේතු වී තිබේ. පොලීසිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.