ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතයාට භාර දෙයි

by Staff writer 23-03-2019 | 8:39 PM
COLOMBO (News 1st) - ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද පස්වරුවේ මහනුවරදී පැවැත්විණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදී පැවැති මෙම උත්සවය සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. ත්‍රිපිටකය පිළිබඳ විශේෂ වාර්තා වැඩසටහනකින් පසු සමරු මුද්දරයක් ද මෙහිදී නිකුත් කෙරිණි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවලිය යුනෙස්කෝ ජාතික කමිටුව වෙත පිළිගැන්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.