රාජ්‍ය ආයතනවල වංචා විමර්ශනයට පත් කළ ජනපති කොමිසමේ සාක්ෂි විභාගය අනිද්දා සිට

රාජ්‍ය ආයතනවල වංචා විමර්ශනයට පත් කළ ජනපති කොමිසමේ සාක්ෂි විභාගය අනිද්දා සිට

රාජ්‍ය ආයතනවල වංචා විමර්ශනයට පත් කළ ජනපති කොමිසමේ සාක්ෂි විභාගය අනිද්දා සිට

කර්තෘ Staff writer

23 Mar, 2019 | 7:03 am

COLOMBO (News 1st) – පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය අනිද්දා ආරම්භ කරන බව එම කොමිසම පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය ඉදිරිපත් කර ඇති රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳව අනිද්දා සාක්ෂි විමසීමට නියමිත වේ.

සාක්ෂි විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතාට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර ඇති බව ද ජනාධිපති කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

සාක්ෂි විමසීම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරියක් ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් මෙහෙයවනු ඇති.

පසුගිය ජනවාරි 22 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවනු ලැබිණි.

කොමිසමට පැමිණිලි භාර ගනීමට පසුගිය 19 වැනි දා ආරම්භ වූ අතර ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1142 කට අධිකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]