අරුවක්කාඩු කසළ ගැටලුවට එරෙහි විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්

අරුවක්කාඩු කසළ ගැටලුවට එරෙහි විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්

අරුවක්කාඩු කසළ ගැටලුවට එරෙහි විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්

කර්තෘ Staff writer

23 Mar, 2019 | 7:34 am

COLOMBO (News 1st) – අරුවක්කාඩු කසළ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පුත්තලම නගරයේ විරෝධතාවක නිරතවීම පිළිබඳව පුත්තලම පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පවතින අධිකරණ නියෝගය ද නොතකා ජනාධිපතිතුමා පුත්තලම නගරයට පැමිණ සිටි අවස්ථාවේ ප්‍රදේශවාසින් පිරිසක් එළෙස විරෝධතාවයේ නිරත වූ බවයි.

විරෝධතාවයේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

පුත්තලම අරුවක්කාඩු කසළ අංගනයට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් පසුගිය දින ගණනාව තුළම විරෝධතා පැවැත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]