නුවරඑළියටත් ගම්මැද්දෙන් ව්‍යාපෘතියක්

හාවාඑළිය ශුද්ධ වූ ත්‍රිත්ව දෙමළ විද්‍යාලයේ සිසුන්ට තව ත් බලාපොරොත්තුවක්....

by Staff writer 22-03-2019 | 9:13 PM

COLOMBO (News 1st) - ගම්මැද්ද වැඩ දහස මහජන සේවා ක්‍රියාන්විතය යටතේ තව ත් ව්‍යාපෘතියක කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණි.

ඒ, නුවරඑළියේදීයි. නුවරඑළිය, හාවාඑළිය ශුද්ධ වූ ත්‍රිත්ව දෙමළ විද්‍යාලය ළමුන් 500 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන පාසලක්. එහි සනීපාරක්ෂක පද්ධතිය වසර ගනණාවකින් ප්‍ර‍තිසංස්කරණය නොවීම නිසා අධ්‍යාපන කටයුතුවලට ද බලපෑම් එල්ල විය. ඒ පිළිබඳව දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළ ද ප්‍ර‍තිඵලයක් නොවූ බැවින් එය නිව්ස්ෆස්ට් ගම්මැද්දට දැන්වීමට මේ පාසලේ දරුවන් පියවර ගත්හ. අංග සම්පූර්ණ සනීපාරක්ෂක පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා අද මෙළෙස වැඩ ඇරඹු‍ණේ එහි ප්‍ර‍තිඵලයක් ලෙසිනි. මෙම සත්කාර්යට මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ව්‍යාපාරික මොහොමඩ් රියාසි මහතායි. නුවරඑළිය අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. මොහොන්රාජ් මහතා ප්‍ර‍ධානත්වයෙන් එහි කටයුතු ආරම්භ කෙරුණි. https://www.facebook.com/NewsfirstSL/videos/346924835926391/