ව්‍යවස්ථා සංශෝධනය ගැන ජවිපෙ සහ එජාප අතර සාකච්ඡාවක්

by Staff writer 22-03-2019 | 6:37 PM

COLOMBO (News 1st) - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණින් ඉදිරිපත් වූ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර අද සාකච්ඡාවක් පැවැත් විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් එක් ව සිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග ඊට සහභාගිවූයේ විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් ය.