"මිලියන 663ක් පානය කරන ජලය සෞඛ්‍ය ආරක්ෂිත නැහැ"

ලෝක ජනගහණයෙන් මිලියන 663ක් පානය කරන ජලය සෞඛ්‍ය ආරක්ෂිත නැහැ - ලෝක සෞඛ්‍ය සංවිධානය

by Staff writer 22-03-2019 | 7:45 AM
(News 1st) - ලෝක ජල දිනය අදයි. 1992දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබඳ ඵක්සත් ජාතීන්ගේ සමුළුවේදී නැවුම් ජලය පිළිබඳ ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වූ යෝජනාවක් මත 1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබී ය. ඉන් අනතුරුව සෑම වසරකදීම ලෝක ජල දිනය ඵ් ඵ් වර්ෂයට අදාළව තේමාවන් මුල් කර ගනිමින් සමරනු ඇති. ලෝක ජනගහණයෙන් මිලියන 663ක් පානය කරන ජලය පිරිසිදු සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඒ නිසා හට ගන්නා රෝග හේතුවෙන් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 842,000කි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, 2015 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද තිරසර සංවර්ධන ඉලක්ක අනුව වර්ෂ 2030 වන විට සැමට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය උපායමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙවන් දිනකදී වැදගත් වන බව ය.