ගිනි ගත් කැබ් රථයකින් පිළිස්සුණු සිරුරක් සොයා ගැනේ

මොණරාගලදී ගිනි ගත් කැබ් රථයකින් පිළිස්සුණු මළ සිරුරක් සොයා ගැනේ

by Staff writer 22-03-2019 | 11:59 AM
COLOMBO (News 1st) - මොණරාගල හොරොම්බූව සුදුවතුර ආර මාර්ගයේ කැළෑබද ප්‍රදේශයකදී ගිනි ගත් කැබ් රථයක් තුළ තිබියදී පිළිස්සුණු මළ සිරුරක් අද සොයා ගැනිණි. මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි මොණරාගල පදිංචිකරුවෙකි. ඔහු සිය බිරිඳ සමග ආරවුලක් ඇති කර ගෙන අදාළ කැබ් රථයෙන් පසුගිය 21 වන දා නිවසින් පිටව ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.