මාවුස්සාකැලේට කෘතිම වැසි...

by Staff writer 22-03-2019 | 6:19 PM

COLOMBO (News 1st) - මෙරට කෘතිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මෙහි නියමු ව්‍යාපෘතිය අද මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ ආරම්භ කළ බවයි. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 වර්ගයේ ගුවන් යානයක් මාවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ක් ඉහළින් වූ වළාකුළු යොදා ගනිමින් කෘතිම වැසි ඇති කිරීම සිදු කර ඇත. කෘතිම වැසි ඇති කිරීම සඳහා වළාකුළු මත රසායනික ද්‍රව්‍ය මුදාහැරීමෙන් පසු විනාඩි 45 ක කාලයක් වැසි ලැබුණු බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය.