"පොලීසියේ කාර්යන් වඩාත් කාර්යක්ෂම වෙලා තියෙනවා" - ජනපති

by Staff writer 22-03-2019 | 8:11 PM

COLOMBO (News 1st) - 'රට වෙනුවෙන් - එකට සිටිමු' පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්පත් කරදීම 'රට වෙනුවෙන් - එකට සිටිමු' වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි. අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා වැනි ගැටලු රැසකට මෙම වැඩසටහන මගින් විසඳුම් ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ඉදිරියේදී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ පා.ම. පාලිත රංගේ බණ්ඩාර,
මං ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලනවා. මේ පුත්තලම් දිස්ත්‍රික්කය සඳහා පුත්තලම නවෝදය හරි පුබුදුම පුත්තලම හරි මේ මොක්ක හරි සංකල්පයක් මත අතිගරු ජනාධිපතිතුමනි පුත්තලමේ සියලු අංශ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කරන ලෙස ඔබතුමාගේන් බැගැපත්ව ඕනැකමින් ඉල්ලා සිටිමින් මං නිහඬ වෙනවා. ජනපති, රංගේ බණ්ඩාර මැතිතුමා කිවා එක එක දිස්ත්‍රික්කවල කරන සංවර්ධන ව්‍යාපෘතින් පිළිබඳව මමත් පිළිඅරගෙන තියෙනවා පුත්තලම දිස්ත්‍රිකයට විශේෂ ව්‍යාපෘතියක් අනිවාරයෙන් දිය යුතුයි කියලා. මම රජයටත් යෝජනා කරනවා ඇමති මණ්ඩලයට දිස්ත්‍රික්කයට සීමා වූ සංවර්ධන ව්‍යාපෘතියක අවශ්‍යතාවය. පුත්තලම දිස්ත්‍රිකය ගත්තහම කැබිනට් අමාත්‍යවරයකුත් නැහැ. මම දන්න දෙයක් තමා දේශපාලන අත්දැකීම් අනුව කැබිනට් අමාත්‍යාංශයක් නැති දිස්ත්‍රිකයක් ඇත්තටම අසරණයි. ඒ ගැන තරහා වෙන්න එපා කවුරුත් කිවට. දිස්ත්‍රික්ක කිහිපයක් මෙහෙම තියෙනවා
පොලීසිය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේ ය. ජනපති,
මං දැන් පොලීසිය භාරගෙන මාස 3ක වගේ කාලයක්. පොලීසියේ කාර්යන් වඩාත් කාර්යක්ෂම වෙලා තියෙනවා. පොලීසියේ වැඩ කරන නිලධාරීන්ගේ මහත්වරුන්ගේ ඉහළ සිට පහළටම වැඩ කිරීමේ වැඩි උනන්දුවක් ඇති වෙලා තියෙනවා. පොලීසියේ දුග්ගැනවිලිවලට මං ප්‍රමුඛත්වයක් දිලා තියෙනවා. පොලිස් සේවාව ශක්තිමත් කරන්න සංශෝධනය විය යුතු නීති සංශෝධනය කරලා තියෙනවා. අලුත් නීති හදාගෙන යනවා. හැම කෙනෙකුගෙනම බැනුම් අහනවා. ඒ වගේම බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ අල්ලන ගියාම ජීවිතත් පරිත්‍යාග කරනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ ලක්ෂ 16 දිහා අපි යමි කිසි ප්‍රමාණයකින් බලනවා ද? ධනාත්මකව ඊටත් වඩා පොලිස් සේවය දෙස අපි බලන්න ඕනි.
මේ අතර පුත්තලම දිස්ත්‍රිත්කයේ ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තිය මාර්ගෝපදේශන අයතනය හා දිස්ත්‍රික් නාගරික ශ්‍රවණාගාරය ද අද ජනාතා අයිතියට පත් කළේ ය.