නාමල්ට විදෙස්ගත වීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවතට

නාමල් රාජපක්ෂට විදෙස්ගත වීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවතට

by Staff writer 22-03-2019 | 12:33 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා ය. අදාළ සැකකරුවන්ට විදේශගත වීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට අද දින තම අධිකරණය විසින් නිකුත් කළ නියෝගය කිසිදු බලපෑමක් හෝ බාධකයක් නොවිය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා ය. නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයා ගැනීම හා සිය මන්ත්‍රී ධූරය භාවිත කරමින් මිහින් ලංකා සමාගමට සේවා සැපයූ හෙලොව්කෝක් සමාගම මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ මූල්‍ය අපාරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව පවරා තිබේ.