දිස්ත්‍රික්ක 9 කට හෙට අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 9 කට හෙට උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්

by Staff writer 22-03-2019 | 4:58 PM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 9 කට හෙට දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුත්තලම, කුරුණෑගල, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බවයි. මේ පිළිබඳව එම දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවධානයක් යොමු කරන ලෙස ද දෙපාර්මේන්තුව ඉල්ලා සිටි. විශේෂයෙන් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී වැඩිපුර ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.