ගර්භනී මව්වරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ගර්භනී මව්වරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

by Staff writer 22-03-2019 | 5:16 PM

COLOMBO (News 1st) - ගර්භනී හෝ පසු ප්‍රසව මව්වරු උණ වැළදුණු පළමු දිනයේම රෝහල් ගතවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවේ, සියලුම වෛද්‍ය ආයතනවලට, රජයේ හා පෞද්ගලික වෛද්‍යවරුන්, බාහිර රෝගී අංශවලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බවයි. ගර්භනී හා පසු ප්‍රසව මව්වරුන් උණ වැළදුණු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් ඔවුන්ට විශේෂිත ප්‍රතිකාර ලබාදිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ ය. විශේෂයෙන් ගර්භනී මව්වරුන්, සෙම්ප්‍රතිශා සහ උණ රෝග ඇති අය අසළට යාමෙන් සහ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වලකින ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. මේ දිනවල පැතිරී යන ඩෙංගු සහ ඉන්ෆුවෙන්සා රෝග වැළදුණු ගර්භනී මව්වරුන් අනෙකුත් පුද්ගලයින්ට වඩා වැඩි අවදානම් තත්ත්වයකට සහ උග්‍ර සංකූලතාවලට ලක්වීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම උපදෙස් නිකුත් කර තිබේ.