ටයිග්‍රීස් ගංගාවේ පාරුවක් පෙරළීමෙන් 100ක් මරුට

ඉරාකයේ ටයිග්‍රීස් ගංගාවේ පාරුවක් පෙරළීමෙන් 100ක් මරුට

by Staff writer 22-03-2019 | 10:30 AM
(News 1st) - ඉරාකයේ ටයිග්‍රීස් ගංගාවේ පාරුවක් පෙරළීමෙන් 100ක් මරුට ඉරාකයේ ටයිග්‍රීස් ගංගාවේ පාරුවක් පෙරළීමෙන් පුද්ගලයින් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, අනතුර සිදු වන විට පුද්ගලයින් 200 දෙනෙකු පමණ පාරුවෙහි ගමන් ගෙන ඇති බව ය. ‍ ඉන් ජීවිතක්ෂයට පත් වූවන්ගෙන් 61 දෙනෙකු කාන්තාවන් සහ 19 දෙනෙකු කුඩා ළමුන් බව වාර්තා වේ. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාරුවෙහි ගමන් ගත් පුද්ගලයින් 55 දෙනෙකුගේ දිවි බේරා ගෙන ඇති බව ය. මෙම පාරුවෙහි 50ක් පමණ රැගෙන යා හැකි වුවත් 200ක් පමණ පුද්ගලයින් රැගෙන යාම හේතුවෙන් පාරුව පෙරළී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. අලුත් අවුරුදු සැමරුම් සඳහා සංචාරක දූපතකට ගමන් කරමින් සිටියදී පාරුව මෙලෙස අනතුරට ලක්ව තිබේ. අනතුරු සිදු වූ ස්ථානයට ඉරාක අග්‍රාමාත්‍යවරයා ද පැමිණියේ ය.