ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සියලු දෙනාගේ වගකීමක්

"ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කැපවීම සියලු දෙනාගේ වගකීමක්" - ජනපති

by Staff writer 22-03-2019 | 5:57 PM

COLOMBO (News 1st) - ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට කැපවීම අද දවසේ සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ, රට වෙනුවෙන් එකට සිටිමු පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට අද පෙරවරුවේ පුත්තලම ශක්ති ක්‍රීඩාං‍ගණයේදී එක්වෙමිනි. උත්සවය ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන බවයි. ඊට අදාළ සැලැස්ම සකස් කර කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. රට වෙනුවෙන් එකට සිටිමු වැඩපිළිවෙළ දේශපාලන වැඩපිළිවෙළක් නොවන බව අවධාරණය කළ ජනාධිපතිතුමා දේශපාලන, ජාති, ආගම් ප්‍රශ්න අමතක කර රටේ ප්‍රශ්න විසඳීමට සියලු දෙනා එකට එක්වීමේ ප්‍රවේශයක් මෙතුළින් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.