අල්ලස් ගත් පොලිස් සැරයන් යළි රිමාන්ඩ්

අල්ලස් ගත් පොලිස් සැරයන් ලබන 05 වැනි දා තෙක් යළි රිමාන්ඩ්

by Staff writer 22-03-2019 | 4:41 PM

COLOMBO (News 1st) - ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80,000 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයා ලබන 05 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අදාළ ව්‍යාපරිකයා භාණ්ඩ මිලදී ගන්නා ආයතනය හා අතරමැදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාට ද නඩු ගොනු කිරීමට හැකියාව ඇති බැවින් ඉන් වලක්වාලීම සඳහා සැකකරු රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් 80,000 ක් ලබාගන්නා අවස්ථාවේදී පසුගිය 07 වැනි දා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනිණි.