හෙරොයින් ජාවාරම්කරු දිවි ඇති තෙක් සිපිරි ගෙට

හෙරොයින් ජාවාරම්කරු දිවි ඇති තෙක් සිපිරි ගෙට

by Sagarika Chathumali 21-03-2019 | 4:29 PM
COLOMBO (News 1st) : හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේ ය. ඒ හෙරොයින් ග්‍රෑම් 3. 47 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරමිනි. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 2012 අගෝස්තු 21 වැනිදා කොළඹ මැගසින් පාරේ සිදුකළ වැටලීමකදී එම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබිණ.