ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාවලිය සම්මත වෙයි

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලිය සම්මත වෙයි

by Staff writer 21-03-2019 | 8:28 PM
COLOMBO (News 1st) - 2015දී සම්මත කර ගත් යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන කරුණු ඉටු කිරීම සඳහා තවත් වසර 2ක කාලයක් ඉල්ලා සිටීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාව ජිනීවා නුවරදී මීට ටික වෙලාවකට පෙර සම්මත විය. බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව ද සම අනුග්‍රහය දක්වමින් ඉදිරිපත් වූ යෝජනාව සම්මත වුණේ ඡන්ද විමසීමකින් තොරව ය. එමගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග රැසක් ප්‍රශංසාවට ලක් කර ඇති අතර තවදුරටත් ඉටු කළ යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබේ.   බ්‍රිතාන්‍ය නියෝජිතවරයා පවසා ඇත්තේ, සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් පිලිබද මෙම යෝජනාව ඉදිරිපත් කිරීම ගැන සතුටු වන බව ත් ශ්‍රී ලංකාව පොදුවේ මෙම යෝජනාව ක්‍රියාවට නැංවීමට ලබාදුන් ප්‍රතිඥාවන් අගය කරන බව ත් ය.
''සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් පිලිබද මෙම යෝජනාව ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා. පසුගිය වසර 2 තුළ ගත් ප්‍රගතිශීලී පියවර අපි මෙම යෝජනාවෙන් අගය කරනවා ඒ වගේම සමහර අංශවල තවදුරටත් ඉටුවියයුතු කරුණු ඇති බව අප පෙනෙන්නට තිබෙනවා . මෙම යෝජනාවලියෙන් අපි ශ්‍රි ලංකාව 2015 දී ලබාදුන් පොරොන්දු සියල්ලම කාලසීමාවක් තුළදී ඉටුකරන්න පෙලෙඹවීමයි සිදුකරන්නේ . මේ තුළින් ලංකාවට ඉදිරියට යා හැකියි. අපි මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලයෙන් ඉල්ලා සිටිනනවා තවදුරටත් ලංකාව සමග ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කරගෙන වාර්ෂිකව මෙහි ප්‍රගතිය සමාලෝචනය කරන ලෙස. මෙම යෝජනාවේ ප්‍රධාන අනුග්‍රහයකයින් ලෙස අප බොහොම සතුටින් ලංකාවේ සම අනුග්‍රහකත්වය බාරගන්නවා ඒ වගේම ශ්‍රී ලංකාව පොදුවේ මෙම යෝජනාව ක්‍රියාවට නැංවීමට ලබාදුන් ප්‍රතිඥ්ඥාවන් අපි අගයකරනවා වගේම විශ්වාසකරනවා''
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසා ඇත්තේ, සියලු ශ්‍රී ලංකිකයින්ගේ අයිතින් ආරක්ෂා කිරීමට ප්‍රෙයෝගිකව කැපවී සිටින බවයි.
''ශ්‍රී ලංකාව මෙම කවුන්සිලයේ ක්‍රියාමාර්ගවලට සහය දක්වන බව හැමෝම දන්න කරුණක්. අපි ආයතන රාශ්‍රියක් සමග වැඩකරන අතරම විවිධ අවස්ථාවලදී ලංකාවට පැමිණි දූත කණ්ඩායම් 8 ක් සමග කිසිදු ගැටලුවකින් තොරව කටයුතු කළා. ඒ වගේම ලංකාවට පැමිණි විවිධ විශේෂඥයින්ගෙන් නිර්දේශ 1000 ක් පමණ ලබාගෙන තිවෙනවා. සභාපතිතුමනි අපි අප රටේ ජාතික අවශ්‍යාතාවයන් මෙන්ම සියලු ශ්‍රී ලංකිකයින්ගේ අයිතින් ආරක්ෂා කිරීමට ප්‍රෙයෝගිකව කැපවී සිටිනවා. ශ්‍රී ලංකිය ශ්‍රේෂ්ඨාධිකරණය හා රටේ උපරිම නීතීයට යටත්ව අප දක්වන මේ සමඅන්‍රගාහක්වය තුළින් අපට සියල්ලන්ටම පෙනවිය හැක්කේ අප මේ වෙනුවෙන් කැපවී සිටිනවා කියන එක.අපි ආරාධනා කරනවා කොමසාරිස්වරියගේ කාර්යාලයට අපගේ දේශිය ආයතන සමග වැඩකරන ලෙසට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සමග වැඩකිරීමත් සමග ඔබ ආයතනවලට නිවරැදි තොරතුරු ලබාගෙන ශ්‍රී ලංකාවේ පවතින ගැටලුත් ශ්‍රී ලංකාවේ තත්ත්වයේත් යථාර්ථයත් පිලිබද නිවරදි නිගමනයකට පැමිණිය හැකියි. ශ්‍රි ලංකාව මෙම කවුන්සිලයේ සියලු පාර්ශවයන් අපට දැක්වූ සහයෝගය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා''