"වරාය වගේ නෙවෙයි අහසත් එයාලට විකුණන්න වෙනවා..."

"වරාය වගේ නෙවෙයි අහසත් එයාලට විකුණන්න වෙනවා..." - මහින්ද රාජපක්ෂ

by Staff writer 21-03-2019 | 8:03 AM

COLOMBO (News 1st) - තංගල්ල ප්‍රාදේශීය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ විවෘත කෙරිණි.

ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත පුරනැගුම ව්‍යාපෘතිය යටතේ මෙය ඉදිකර තිබේ. ඊට වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 400 ක්. ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටිය හ. විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ,
වරාය වික්කා, අපි ණයක් ගත්තා ණය වැඩියි කිව්වා. එහෙනම් විකුණ්න නම් ණය ගෙවපන්. ණය චීනයට ගෙවලා ඉවර කරන්න. එහෙම කළේ නෑ. ණය ටික භාණ්ඩාගාරයේ තියලා කෑවා ඒකෙන්. තාම අපි ණයයි චීනයට වරායට දැන් ඉන්දියාවට ගුවන්තොටුපොළ වික්කා. ඒක පුද්ගලික අංශයෙන් පටන්ගන්නවා ටික කාලෙකින් වරාය වගේ නෙවෙයි අහසත් එයාලට විකුණන්න වෙනවා. මේක මේ රට විකුණන තත්ත්වයක්. නොරොච්චෝලේ මම බැනුම් අහ අහා හැදුවේ නැත්නම් අඳුරේ තමයි සිහදාහක් මේ රටේ. දැන් මොකද වෙලා තියෙන්නේ. වැඩිමුදලක් ගෙවලා ගන්න සිද්ධවෙනවා විදුලිය.