අර්ජුණ මහේන්ද්‍රන් රකින්නේ කවු ද?

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම: ගම්මන්පිල අධිකරණ ඇමතිනියගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

by Staff writer 21-03-2019 | 8:17 PM
COLOMBO (News 1st) : මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් සිංගප්පූරුව ඊයේ දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවිය. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නලින්ද ජයතිස්ස එහිදී පැවසුවේ, සිංගප්පූරුව ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට උත්තර බැඳිය යුතු බවයි.
"මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ නිකන් ඇමතිවරයෙක් නෙමෙයි එතුමා ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කෙරුවයින් පස්සේ මම සිංගප්පූරුවෙන් ඉල්ලුවා සිංගප්පූරුව දෙන්නේ නැහැ කියලා දැන් සිංගප්පූරු ආණ්ඩුවෙන් කියනවා හරියට කියලත් නෑ කිව්වට මේ ආණ්ඩුවෙන් හරියට ඩොකියුමන්ට්ස් දීලා නැහැ කියලා .ඒකට ආණ්ඩුවක් හැටියට උත්තර බදින්න ඕනේ පාර්ලිමේන්තුවේ" .
මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේෂා විතාන අවධාරණය කර සිටියේ, මෙහි වැරිදිකරු සම්බන්ධයෙන් රටම අවදියෙන් සිටින බැවින් ඊට යම් බාධා ඇත්නම් එය රටට හෙළි කළ යුතු බවයි. සන්ධාන මන්ත්‍රී මහින්ද අමරවීර පැවසුවේ, අර්ජුණ් මහේන්ද්‍රන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සියලු මැදිහත්වීම් සිදු කර ඇති බව ත් ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ය.
"අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම සදහා ජනාධිපතිතුමා කළ ඉල්ලීමුත් , ඒ සදහා සිංගප්පූරුවේ විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයත් . පෞද්ගලිකවත් එතුමා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා .ඒ නිසා ඒ කටයුත්තට එතුමාගේ පාර්ශවය වෙනුවෙන් එතුමාගේ සියලුම මැදිහත්වීම් තිබෙන බවත්.මේඉ ගත් ක්‍රියාමාර්ග පිලිබදව ඉදිරියේදී කඩිනමින් ජනාධිපතිතුමාගේ පැත්තෙන් සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා"
සිංගප්පූරුවට තොරතුරු ලබා දීමේදී කිසියම් අයෙතු විසින් අධිකරණ අමාත්‍යවරිය වලක්වන්නේ නම් ඇය ඒ පිළිබඳව වහා ම පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බව සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල අවධාරණය කළේ ය.
"ජනාධිපතිතුමා සිංගප්පුරු අගමැති එක්ක කතා කරලා ඇවිල්ලා ආන්ඩුවේ අනෙකුත් ඇමතිවරුන්ට උපදෙස් දුන්නා අවශ්‍ය ලිපි ලේඛන යවලා මේ ඉල්ලිමේ කටයුතු කරන්න.උදර්පණ නිතිය ක්‍රියාත්මක කරන්න විෂය භාරව තියෙන්නේ අධිකරණ අමාත්‍යංශයට එහේනම් තලතා ඇමතිතුමිය මේක නොකලේ ඇයි අධිකරණ නියෝගයක් තියෙනවා ජත්‍යන්තර පොලිසිය හරහා මේක අල්ල ගන්න කියලා. අඩුම ගානේ ඒ නියෝගයවත් සිංගප්පුරු ආන්ඩුවට ලැබි නොමැති බව තමයි සිංගප්පුරු ආණ්ඩුව කරන ප්‍රකාශයෙන් පේන්නේ. අර්ජුන් ඇලොසියස් එක්ක එතුමියට සම්බන්ධයක් නැති වුනත් මේ ආණ්ඩුවේ ප්‍රභල තැන්වල අර්ජුන් ඇලොසියස්ගේ අතිජාත මිත්‍රයෝ ඉන්නවා ඒ නිසා තලතා ඇමතිතුමියට යම් බලපෑමක් තිබිය යුතුයි. මේක භයානක තත්වයක් මොහු තරම් අවශ්‍ය පුද්ගලයෙක් මේ රටේ තවත් නෑ. තලතා ඇමතිතුමිය මේ සභාවට දැනුම් දිය යුතුයි සිංගප්පුරු ආණ්ඩුවට දැනුම් දිමේන් එතුමිය වලක්වා ඉන්නේ කවුද කියන කාරණය වහාම මේ සභාවට දැනුම් දිය යුතුයි."