මහේන්ද්‍රන් ගැන විමසද්දී සේනසිංහ අවේගශීලි වූ හැටි

මහේන්ද්‍රන් ගැන විමසද්දී ඇමති සේනසිංහ අවේගශීලි වෙයි

by Staff writer 21-03-2019 | 8:51 PM
COLOMBO (News 1st) : සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී බැඳුම්කර වංචාව පිළිබඳව මාධ්‍යවේදීන් විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ අමාත්‍යවරයාගෙන් කරුණු විමසී ය. ප්‍රශ්නය : - මහබැංකුවේ වංචාව සම්බන්ධයෙන් සිංගප්පූරුවෙන් ලිඛිත ඉල්ලීමක් කරලා තියනවාද රජයක් විදිහට මොහු අපිට ලබා දෙන්න, මොහු අපිට හොයලා දෙන්න කියලවත් අඩුගානේ? සුජීව සේනසිංහ : - මම දන්නේ නෑ රජයක් වශයෙන් ඉදිරිපත් කරලා තියනවාද කියලා මම දන්නේ නෑ. ප්‍රශ්නය : - ඉල්ලීමක් කරන්න හදිසියක්වත් නැද්ද? සුජීව සේනසිංහ : - රජයට අපිට හිතුන හිතුන කට්ටියට එන්න කියන්න බැහැ. ප්‍රශ්නය : - ඉල්ලීමක් කරන්න බැරිද කියලා අහන්නේ රාජ්‍යතාන්ත්‍රිකව හරි...? සුජීව සේනසිංහ : - මන් දන්නෑ මන් දන්නෑ ඉල්ලීමක් කරලත් ඇති නැතුවත් ඇති මන් දන්නේ නෑ ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් අධිකරණයෙන් එනවානම් ඉල්ලීමක් රජයට මෙන්න මේ පුද්ගලයා ඉන්ටර්පෝල් හරහා .. ඉල්ලන්න පුළවන් අනිවාර්යයෙන්. ප්‍රශ්නය : - ඇමතිතුමා එතකොට අගමැතිතුමා වගකීම භාරගන්නවා කියලා තමයි එතුමාව පත් කරන්නේ? සුජීව සේනසිංහ : - මන් දන්නේ නෑ එහෙම වගකීම භාරගන්නවාද... ප්‍රශ්නය : - පාර්ලිමේන්තුවේ කතාවක් කරලා තිබ්බා? සුජීව සේනසිංහ : - එහෙම තිබ්බානම් අගමැතුමා ... ප්‍රශ්නය : - දැන් ඒ ඒකත් එකක්. නඩුවෙත් එතුමාව චූදිතයෙක් කරලා තියනවා ඒ කියන්නේ ගෙන්නන්න කියලා තියනවා එතකොට රජයට ඉල්ලන්න බැරිද අපේ නඩුවකට මෙයා ඕනි ගෙන්නන්න කියලා ? සුජීව සේනසිංහ : - තාම නඩුවවත් ....තාම නඩුවක්වත් දාලා නෑ.ඕක තමයි ඇත්ත කතාව ඔබතුමාලා අපිට දේශපාලන වශයෙන් ගහන්නනේ මේක පාවිච්චි කරන්නේ. මම ඒක තමයි අපි ඉදගන්නකොට අපිටත් ගැහුවානේ. අපි කෝප් එකේ ඉදගෙන අපිට කරපු එකටත් අපිට මඩ ගැහුවා.මේ මේවා පාද සටහන්.. පාද සටහන් කොමිසන් වාර්තාවේම තියනවා අපි යෙදුව පාද සටහන් ඔක්කොම හරි ඕක තමයි අපි කිව්ව නීත්‍යානුකූලභාවය.තාම නඩුවක්වත් ගොණු කරගන්න බෑ සීඅයිඩී එකට. හැබැයි මිනිස්සු හොයනවා. ප්‍රශ්නය : - මේක ටිකක් රටම කතා කරපු...? සුජීව සේනසිංහ : - ආවේගයෙන් කතා කරයි රටම කතා කරන්න නඩුවක්වත් ෆයිල් කරලා නෑනේ තාම. ප්‍රශ්නය : - කාගේ ද ඇමතිතුමා වරද කාගේද ? සුජීව සේනසිංහ : - වරද නෙමෙයි ෆයිල් කරගන්න බෑ. ඒ අදාල අංශයටවත් මේක ෆයිල් කරගන්න බෑ තාම. ප්‍රශ්නය : - ඒ තොරතුරු නැතුවද..? සුජීව සේනසිංහ : - තොරතුරු නෙමෙයි වරදක් ඒක තමයි අපි කිව්වේ මේක නීත්‍යානුකූලව කතා කරන්න ඕනි වෙනම ප්‍රශ්නයක්.තාම නඩුවක්වත් ෆයිල් කරලා නැහැ.නඩුවක් දාලවත් නෑ අපෙන් අහනවා. https://www.youtube.com/watch?v=E2aOt2qSsRg