බීඩී කොළ කිලෝ 912 සමග දෙදෙනෙකු තලෙයිමන්නාරමදී අත්අඩංගුවට

by Staff writer 21-03-2019 | 11:40 AM

COLOMBO (News 1st) - බීඩී කොළ කිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 960 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඊයේ රාත්‍රීයේ තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී බීඩී කොළ සහිත ගෝනි 27 ක් ඩිංගි යාත්‍රාවක තිබී හමු වූ බවයි. එම බීඩී කොළ තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කරන බව ද නාවික හමුදාව සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 සහ 38 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. බීඩී කොළ තොගය සහ සැකකරුවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතය.