පාසල් සිසුන් 51 ක් රැගත් බස් රථයකට ගිනි තබයි

පාසල් දරුවන් 51 ක් සමග බසයක් පැහැර ගත් ඉතාලි රියැදුරෙකු රථයට ගිනි තබයි

by Staff writer 21-03-2019 | 7:51 AM

පාසල් දරුවන් 51 දෙනෙකු සමග බස් රථයක් පැහැර ගත් ඉතාලි ජාතික රියැදුරෙකු පසුව එම රථයට ගිනි තබා ගෙන තිබේ.

ඒ, ඉතාලියේ මිලානෝ නගරයේදී යි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම බස් රථයේ සිටි දරුවන්ගෙන් ඇතමෙකු එහි අසුන්වලට තබා ගැටගසා තිබූ බවයි. බස් රථය වටා පෙට්‍රල් ඉස තිබූ නමුත් එය ගිනි ගැනීමට පෙර එහි වීදුරු බිඳ දමා සිසුන් සියලුදෙනා මුදාගැනීමට පොලීසිය සමත් විය. දරුවන්ගෙන් කිසිවකු බරපතළ තුවාල ලබා නැතැයි ද සඳහන් වේ. කෙසේ වෙතත්, සිසුන් ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු දුම ආග්‍රාණයවීම හේතුවෙන් අපහසුතාවයට පත් විය. එම බස් රථය පැහැරගත් 47 හැවිරිදි රියැදුරා සෙනෙගාලයෙන් පැමිණ ඉතාලියේ පුරවැසිභාවය ලද අයකු වන අතර ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ඉතාලියේ මිලානෝ නුවර ප්‍රධාන නීතිඥවරයා සඳහන් කළේ, මානව සංහාරයක්ව විය හැකිව තිබූ මින් දරුවන් මුදාගැනීමට හැකිවීම ආශ්චර්යක් බවයි. බස් රථය පැහැරගත් පුද්ගලයා ඉතාලියේ සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ කෝපයෙන් සිටි බව වාර්තා වේ.