නොච්චියාගමදී බස් දෙකක් ගැටී අටක් රෝහලේ

නොච්චියාගමදී බස් දෙකක් ගැටී අටක් රෝහලේ

by Sagarika Chathumali 21-03-2019 | 4:40 PM
COLOMBO (News 1st) : අනුරාධපුර , පුත්තලම මාර්ගයේ ගොවිපළ මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවු බස්රථ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, මගී ප්‍රවාහන බස්රථ දෙකක් මුහුණට , මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් නොච්චියාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසු වු තිදෙනෙකු අනුරාධපුර මහරෝහලට මාරු කර යවා තිබේ.