ඩෙංගු මැඩලීමට අද සහ හෙට විශේෂ මෙහෙයුම්

ඩෙංගු මැඩලීමට අද සහ හෙට විශේෂ මෙහෙයුම්

by Staff writer 21-03-2019 | 2:11 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ සහ කල්මුණේ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද සහ හෙට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ, හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 44 ක එම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. ජනාධිපති කාර්ය සාධක බලකාය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක් ව මෙම වැඩසටහන සිදු කෙරෙනු ඇත. මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.