ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 21-03-2019 | 5:56 AM

දේශීය පුවත්

1. විදුලිබල මණ්ඩලයෙන් උපයෝගිතා කොමිසමට දොස්: : ඉකුත් සඳුදා අක්‍රිය වූ නොරොච්චෝල විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යළි යථාතත්ත්වයට පත්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබේ. 2. සිංගප්පූරුවත් මහේන්ද්‍රන් රකිනවා ද?: මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට සිංගප්පුරුවේ සිටින්නේ යැයි සැකකරන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පනය නොකිරීම සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කළේ ය. 3. “ගොඩ ඒමට ඇති එකම උත්තරය මම”: සියලු දෙනාට ගොඩ ඒමට ඇති එකම උත්තර තමා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 4. බබීගෙන් ප්‍රශ්න කිරීම්වලින් පසු තව ත් සැකකරුවෙක් අල්ලයි: කඩුවෙල, පිට්ටුගලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කඩුවෙල බබී නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී පුරාවිද්‍යා වටිනාකමක් සහිත බුදු පිළිමයක් සහ මැණික් ගල් 4 ක් සොයාගත් බව පොලීසිය පවසයි.

විදෙස් පුවත්

5. ඔස්ට්‍රේලියාව සිය රටට ඇතුළු වීමට අවසර දෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව 15%කින් අඩු කෙරේ: ඔස්ට්‍රේලියාව එරටට වාර්ෂිකව පැමිණීමට අවසර දෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව 15%කින් කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ.