නොච්චියාගමදී බස් දෙකක් ගැටී අටක් රෝහලේ

නොච්චියාගමදී බස් දෙකක් ගැටී අටක් රෝහලේ

නොච්චියාගමදී බස් දෙකක් ගැටී අටක් රෝහලේ

කර්තෘ Sagarika Chathumali

21 Mar, 2019 | 4:40 pm

COLOMBO (News 1st) : අනුරාධපුර , පුත්තලම මාර්ගයේ ගොවිපළ මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවු බස්රථ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මගී ප්‍රවාහන බස්රථ දෙකක් මුහුණට , මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූවන් නොච්චියාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසු වු තිදෙනෙකු අනුරාධපුර මහරෝහලට මාරු කර යවා තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]