නිදහස් පක්ෂය හා පොහොට්ටුව සන්ධානගත වීමේ දෙවන වටයේ සාකච්ඡා අද

නිදහස් පක්ෂය හා පොහොට්ටුව සන්ධානගත වීමේ දෙවන වටයේ සාකච්ඡා අද

නිදහස් පක්ෂය හා පොහොට්ටුව සන්ධානගත වීමේ දෙවන වටයේ සාකච්ඡා අද

කර්තෘ Staff writer

21 Mar, 2019 | 6:25 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන දෙවන සාකච්ඡා වටය අද ආරම්භ වෙයි.

ඒ, අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය 14 වන දා පැවැත්විය.

අද පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා සුබවාදීව මුහුණදීම සඳහා දෙපාර්ශවයම සූදානමින් පසුවන බව නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය.

සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගී වීමට නියමිත අතර පොදු ජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ කථීකාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් සහභාගී වීමට නියමිතව වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]