COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රගතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිවරියගේ කාර්යලයේ වාර්තාව අද ඉදිරිපත් කෙරිණ.
ඒ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදීයි.
2015 වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අමෙරිකා එක්සත් ජනපදය සමග සම අනුග්‍රහකයත්වයෙන් ශ්‍රී ලංකාව එකඟ වූ යොජනාවලියේ ප්‍රතිය පිළිබඳව මනව හිමකම් කොමසරිස්වරිය අද සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළේ ය.
අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීම තමන් අගය කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහාකොමසාරිස් මිෂෙල් බැෂලේ සිය වාර්තාව මගින් පවසා ඇත.
"අතපසුවීම් රාෂියකට පසුව අතුරුදහන්වුවන්ගේ කාර්යාලයක් පිහිටුවීම. වන්දිගෙවීමේ කාර්යාලයක් ඇතිකිරීම මම අගය කරනවා. එහි කොමසාරීස්වරුන් කෙටි කාලයක් තුළ පත්වේයැයි මම අපෙක්ෂා කරනවා.පසුගිය වසරේ මාර්තු මාසයේදී ඇතිවු හදිසි තත්ත්වයත් ඔක්තොම්බර් මාසයේ ඇතිවු ව්‍යවස්ථාමය ගැටලුවත් හමුවේ මෙම ක්‍රියාමාර්ග පූර්ණ වශයෙන් ඉටුකිරීමට අපහසුවූ බව පෙනි යනවා"
ශවේන්ද්‍ර සිල්වා උසස් තනතුරකට පත්කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහොසි කිරීම සහ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට තීරණය වීම යන කරුණු සම්බන්ධයෙන් ද ඇය සිය වාර්තාවෙන් මෙලෙස කරුණු සඳහන් කර තිබේ.
"මෑතකදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් ජනරාල්වරයකු වූ ශවේන්ද්‍ර සිල්වා උසස් තනතුරකට පත්කිරීම සැලකිය යුතු කාරණයක් වන්නේ ඔහු ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයකු බවට චෝදනා එල්ල වන පසුබිමක් ඇති නිසයි. මාගේ වාර්තාව තුළ 2009 වසරේ යුද්ධයේ අවසන් කාලසීමාව තුළ සිදුවු දෙවල් සම්භන්ධයෙන් විශේෂ අධිකරණ රාමුවක් ස්ථාපනය කිරීම සඳහා වන ක්‍රියාවලිය ඉතාම මන්දගාමීයි. රටතුළ වැරදි සඳහා නීතියාත්මක නොවීම ඉදිරියේ ජාතීන් අතර ගැටලු ඇතිවීමට ඉඩක් සැලසිය හැකියි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහොසි කිරීම වසර 04 ක් තිස්සේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ න්‍යායපත්‍රයේ තිබුනත් එය තාම ඉටුවී නැහැ. තවද වසර 40 කට පසුව නැවත මරන දඩුවම නීතිගත කිරීම සම්භන්ධයෙන් මට ඇත්තේ කනස්සල්ලක්"
මෙහිදී මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ අන්තර්ගත කරුණු සම්භන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා කවුන්සිලය වෙත පැහැදිලි කර තිබේ.
"නීතිය ක්‍රියාත්මක වීම සම්භන්දයෙන් කතා කරන විට ත්‍රස්ත විරෝධි පනත යටතේ මේ වන විට නඩු කටයුතු කිහිපයක් සලකා බලා ඇති අතර ඉන් කිහිපයක් කඩිනම් කර තිබෙන බනවා. මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිත්‍රස්ත මර්ධන පනතක් ඉදිරිපත්කොට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහොසි කිරීමට පාර්ලිමෙන්තුව තුළ පියවර ගෙන තිබෙනවා. හමුදාව පරිහරණය කළ පෞද්ගලික ඉඩම් සියයට 75 ක් පමනක් නිදහස් කොට ඇති බවට කෙරෙන ප්‍රකාශ අසතයයි. 2009 සිය අද වන තෙක් කාලය තුළ රජයේ ඉඩම් සියයට 88 යි දශම 87 කුත් පුද්ගලික ඉඩම් සියයට 92 යි දශම 1 යි හයකුත් නිදහස් කොට තිබෙනවා. වාර්තාවේ 23 වැනි පරිච්චේදයේ සඳහන් මන්නාරමේ සමූහ මිනිවල සම්බන්දයෙන් ඔබේ අවධානය මම යොමු කරනවා. ඒ පිළිබඳව ඇමරිකාවේ කළ කාල නීර්න පරික්ෂණවලින් අනාවරණ වී ඇත්තේ එයා 1499 සහ 1790 කාලය තුළ වලදැමු ඒවා බවයි. එම කාලය තුළ ශ්‍රී ලංකාව යුරෝපයට යටත්විජිතයක්ව පැවති කාලයක්. නමුත් මෙම වාර්තාව කියා සිටින්නේ ඉදිරියේදීත් මේවැනි සමූහ මිනිවලවල් හමුවේයැයි ප්‍රකාශ කර සිටිනවා. පොදු වාර්තාවක් තුළ මෙවැනි කාරණයක් සඳහන් කිරීම අනුමත කළ නොහැකියි. ඒ අනුව බලන කල මෙහි ඇති සෙසු කාරනා පිළිබඳවද ගැටලුවක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. මහකොමසිරිස් වරියගේ කාර්යාල වාර්තාවේ 68 සී වගතියෙන් දෙමුහුන් අධිකරණයක් ඇතිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. මම කැමතියි මේ පිළිබඳ අපේ ස්ථාවරය පැහැදිලි කරන්න. ශ්‍රී ලංකා රජයේ ඉහළ බලධාරීන්, වත්මන් හා හිටපු මහකොමසාරිස්වරුන්ටත් ජාත්‍යන්තර ආයතනවලටත් කියා සිටියේ ජාත්‍යන්තර විනිසුරුවන් මේ සඳහා සම්භන්ද කර ගැනීමට ව්‍යවස්ථාමය හා නෛතික ගැටලු මතුවන බවයි. මෙසේ පුරවැසියෙක් නොවන පුද්ගලයෙන් මෙම ක්‍රියාදාමයට විනිසුරුවරයකු ලෙස සම්භන්ද වන්නෙ නම් එම යෝජනාව අප පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු දෙයක්. ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව යුද්ධ කලේ නම් කරන ලද ත්‍රස්තවාදි කණ්ඩායමකට එරෙහිව මිස ජන කොට්ඨාශයකට එරෙහිව නෙවෙයි"
මේ අතර ශ්‍රී ලංකාව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ පසුගිය කලයේ ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේදී යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල් ගණනාවක් අදහස් පළ කළේ ය.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව අදාළ කරුණු ඉටු කිරීමේදී යම් ප්‍රතියක් පෙන්වීම සතුටුවිය හැකි වුවත් තවත් ඉටුකළ යුතු කටයුතු ගණනාවක් ඇති බවයි.
එවා නිශ්චිත කාලරාමුවක් තුළ ඉටු කිරීමේ අවශ්‍යතාව ද අදාළ රටවල් අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාව සම්භන්දයෙන් අද ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳ අවසන් සම්මතයන් හෙට දිනයේ සිදුවනු ඇති.
https://www.youtube.com/watch?v=Nv9iWdloQwE