සමාජ මාධ්‍ය අසත්‍යයි - විදුලිබල අමාත්‍යංශය කියයි

විදුලිය කප්පාදුවක් නැහැ: සමාජ මාධ්‍ය අසත්‍යයි - විදුලිබල අමාත්‍යංශය කියයි

by Staff writer 20-03-2019 | 11:38 AM
COLOMBO (News 1st) - හෙට සිට විදුලි කප්පාදුවක් සඳහා කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කරන බව ය.