විදුලිබල මණ්ඩලයෙන් උපයෝගිතා කොමිසමට දොස්

විදුලිබල මණ්ඩලයෙන් උපයෝගිතා කොමිසමට දොස්

by Staff writer 20-03-2019 | 9:47 PM
COLOMBO (News 1st) : ඉකුත් සඳුදා අක්‍රිය වූ නොරොච්චෝල විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යළි යථාතත්ත්වයට පත්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය අද නිල වශයෙන් නිවේදනය කළේ ය. අදාළ අක්‍රියවීම හේතුවෙන් මෙගාවොට් 300ක පමණ විදුලි ධාරිතාකවක් ජාතික සැපයුම් පද්ධතියට අහිමි වූ අතර එහි ප්‍රතිඵල ලෙස දිවයිනේ ප්‍රෙද්ශ ගණනාවකට විදුලිය කප්පාදු කිරීමට මණ්ඩලයට සිදුවිය. ඩොලර් බිලියන 1.45ක ආයෝජනයක් වන නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණ කෙරුණේ 2014 වසරේ අගභාගයේදීයි . එතැන් සිට මේ දක්වා අවස්තා ගණනාවකදී එහි ජනන යන්ත්‍ර අක්‍රියවීමෙන් විදුලි පාරිභෝගිකයින්ට පීඩා විදීමට සිදුවුණා . අදටත් මහා භාණ්ඩාගාරයේ අයිතියට නතු නොරොච්චෝලේ බලාගාරය වෙනුවෙන් ලබාගත් ණය ගෙවන්නේ , ලංකා විදුලි බල මණ්ඩලය නොව මෙරට බදු ගෙවන ජනයායි . විදුලි පාරිභෝගිකයින්ට සේවා සැපයීම සදහා , මණ්ඩලය වෙහෙස මහන්සි වී කටයුතු කරන බව වැඩබලන සභාපතිවරයා ප්‍රකාශ කළද ජාතික , විදුලි බල සැපයුම වැඩි කරගැනීම සදහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ විකල්ප විසදුම් ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය සමත්ව නොමැ. ඒ හැරුනු කොට දිගුකාලීන විදුලි ජනන සැලැස්මේ ප්‍රමාදය හේතුවෙන් රටට දරන්නට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 50 ඉක්මනවන බවට ගණන් බලා තිබේ.   https://www.youtube.com/watch?v=O0SE03x0lZs