වයඹ, මන්නාරම සහ ගම්පහ ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

වයඹ, මන්නාරම සහ ගම්පහ ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 20-03-2019 | 4:00 PM
COLOMBO (News 1st) : වයඹ පළාත, මන්නාරම සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ පිළිබද ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙස හා අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.