by Staff writer 20-03-2019 | 3:55 PM
COLOMBO (News 1st) : දිවයින පුරා වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ, වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉකුත් සිව් වසර තුළ ප්‍රමුඛත්වය ලබාදෙමින් පුළුල් වැඩ කොටසක් සිදුකර ඇති බවයි.
කුමන විවේචන සිදුකළ ද ඉකුත් සිව් වසර තුළ මහජන සේවාවන් වඩා ශක්තිමත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අහිංසක ජනතාව වෙනුවෙන් එම සේවාවන් තවදුරටත් පුළුල් කරන බව ද කියා සිටියේ ය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437 ක මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහරෝහලට අනුබද්ධව ඉදිකරන ලද - මෙත්සිරි සෙවණ - වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කරමිනි.
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මේ වනවිට වකුගඩු රෝගීන් 17,000 ක් පමණ හඳුනා ගෙන තිබේ.
එම රෝගීන්ට එවකර ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානයේ තිබෙන අතර වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා ද මෙහි පහසුකම් සලසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.