මාරක රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කෑගල්ලේදී මාරක රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

by Staff writer 20-03-2019 | 2:11 PM
COLOMBO (News 1st) - කෑගල්ල, කරඩුපන ප්‍රදේශයේ අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, කොළඹ දෙසට ගමන් කළ මෝටර් රථයක්, වෑන් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කළ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. අනතුරින් මිය ගොස් ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස ගමන් කළ දෙදෙනෙකි. ඔවුන් බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් 3 දෙනෙකු සහ වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඔවුන් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර කටාන ප්‍රදේශයේදී යතුරු පැදියක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ බස් රථය, යතුරු පැදිය ඉස්සර කිරීමේදී යතුරු පැදිකරු සතුව තිබූ පොල් කැඩීම සඳහා භාවිත කරන කෙක්ක බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. https://www.youtube.com/watch?v=Z5dFJRKxshI