ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබයි

බෙලිඅත්ත ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබයි

by Staff writer 20-03-2019 | 10:53 AM
COLOMBO (News 1st) - බෙලිඅත්ත පල්ලත්තර දෙබොක්කාව මෝදරවාල ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ, බෙලිඅත්ත ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල පියදර්ශන අමරකෝන් මහතා ය. සිය නිවසේ නිදා සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විට තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.