බීමත් රියැදුරන් 1,321ක් අත්අඩංගුවට

බීමත් රියැදුරන් 1,321ක් අත්අඩංගුවට

by Staff writer 20-03-2019 | 2:50 PM
COLOMBO (News 1st) : පසුගිය දින 6 ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 1321 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පසුගිය 14 වන දා සිට 19 වන දා දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. මංතීරු නීතිය උල්ලංඝනය කළ රියැදුරන් 3472 ක්, වාහන තදබදය අතරතුර මාර්ගයේ රථවාහන නතර කර ගිය රියැදුරන් 6830 ක් නීතියේ රැහැනට හසුකරගෙන තිබේ. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 17652 කට එරෙහිව රථවාහන නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය අවසන් වනතුරුම මෙම විශේෂ රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.