"ගොඩ ඒමට ඇති එකම උත්තරය මම"

"ගොඩ ඒමට ඇති එකම උත්තරය මම"

by Staff writer 20-03-2019 | 9:26 PM
COLOMBO (News 1st): සියලු දෙනාට ගොඩ ඒමට ඇති එකම උත්තර තමා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, නාරහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක අද පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි. පොදු ජනපෙරමුණේ දේශපාලන පදනම මුල් කර ගනිමින් ජනාධිපතිවරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පැවසී ය. රට පිළිබඳ නිවැරදි මතයක් ජාත්‍යන්තරට නොගිය බව ත් පිටරටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව රට සම්බන්ධයෙන් වැරදි මතයක් ජාත්‍යන්තරයට ගෙන ගිය බව ත් එය අවාසනාවක් හිටපු ආරක්ෂක එහිදී අවධාරණය කළේ ය.