කඩුවෙල බබීගෙන් පසු තවත් සැකකරුවෙක් අල්ලයි

බබීගෙන් ප්‍රශ්න කිරීම්වලින් පසු තවත් සැකකරුවෙක් අල්ලයි

by Staff writer 20-03-2019 | 4:59 PM
COLOMBO (News 1st) : කඩුවෙල, පිට්ටුගලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කඩුවෙල බබී නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී පුරාවිද්‍යා වටිනාකමක් සහිත බුදු පිළිමයක් සහ මැණික් ගල් 4 ක් සොයාගත් බව පොලීසිය පවසයි. අදාළ පුද්ගලයා කඩුවෙල , වැලිවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කඩුවෙල බබී සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ග්‍රෑම් 650 කේරල ගංජා කිලෝග්‍රැම් 1 යි ග්‍රෑම් 100 සහ මත්ද්‍රව්‍ය බර මැනීම සඳහා යොදා ගන්නා තරාදි දෙක ද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ. කඩුවෙල බබී නමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නමැති සැකකරුගේ ගෝලයෙකි.