අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු STF අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු STF අත්අඩංගුවට

by Staff writer 20-03-2019 | 11:00 AM
COLOMBO (News 1st) - ප‍්‍රධාන පෙළේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඉසුරු චමින්ද සමරතුංග හෙවත් කඩුවෙල බබී නමැත්තා කඩුවෙල පිට්ටුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකිනි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 600කට වැඩි ප‍්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් එකක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. ඔහු කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බව ද හෙළිව තිබේ.