හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අද ත් CIDය හමුවට

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අද ත් CIDය හමුවට

by Staff writer 19-03-2019 | 11:06 AM
COLOMBO (News 1st) : තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ ය. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පෙරවරු 9.30 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවයි. 2008 වසරේදී සුදුවෑන් භාවිත කරමින් කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව මෙම විමර්ශනය සිදුකෙරෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 7 වන දා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් ද නිකුත් කළේ ය. හිටපු නාවික හමුදපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පසුගිය 11 සහ 12 යන දිනවල ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයකට අනුවයි.