සම අනුග්‍රාහක යෝජනාවට ජනපති අනුමැතිය නැහැ - විජයදාස රාජපක්ෂ

by Staff writer 19-03-2019 | 9:33 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන සම අනුග්‍රාහක යෝජනාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, සම අනුග්‍රාහක යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී නොමැති බව ය.